මිහින් ලංකා ගැන
සිට
වෙත
සිට
වෙත
වැඩිහිටි
දරුවන්
පිටත්වීම
නැවත පැමිණීම
ළදරුවන්
Class
මිහින් ලංකා
දකුණු අසියාවේ ප්රමුක පෙලේ අඩු ගාස්තු ගුවන් සේවයක් වන මිහින් ලංකා ගුවන් සේවය ඉන්දියානු උප මහාද්වීපය, මැද පෙරදිග සහ අග්නිදිග ආසියානු ගමාන්ත කේන්ද්ර කොටගෙන කි්රයාත්මක වෙයි. 2007 වසරේදී ආරම්භ කරන ලද මිහින් ලංකා ගුවන් සේවය, දිගු ගමනක යෙදෙමින් කලාපයේ වඩාත් ප්රංශසනීයම සහ දැරිය හැකි සංචාරක වෙළෙඳ නාමය බවට පත්ව තිබේ

ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා දැඩි කැපවීමක් පෙන්වන අතරම ගුවන් යානය තුළදී අසමසම අත්දැකීමක් ලබාදීමට හැකිවීම මිහින් ලංකා ගුවන් සේවයේ අභිමානයයි. හොඳම වටිනාකමක් සහිත ගාස්තු ලබාදෙන අතරතුරේදී, ගුවන්ගමන අතරතුර නොමිලේ ආහාර වේලක් සහ නොමිලේ ගුවන් බඩු දීමනාවක් ලබාදෙන එකම අඩු ගාස්තු ගුවන් සේවය මිහින් ලංකා ගුවන් සේවයයි.

එයාර් බස් ඒ 320 පවුලේ ගුවන් යානාවලින් සමන්විත අපේ අති නවීන ගුවන්යානා බල ඇනිය උසස් ප්රමිතීන්ට අනුකූලව නඩත්තු කරන අතරම ඔබට වඩාත් සුවපහසු ගුවන්ගමනක් ලබාදීම සහතික කරයි. ඉතා හොඳ පුහුණුවක් ලැබූ අපේ කාර්ය මණ්ඩලය සහ ගුවන්යානා කාර්ය මණ්ඩලය ඔබේ ගුවන් ගමන ඉතාමත් ප්රසන්න අත්දැකීමක් බවට පත්කරලීමට හැකි සෑම ආකාරයකින් කැපවී සිටින අතර, ඔවුන් ඕනෑම වේලාවක ඔබට සේවය කිරීම සඳහා සැදී පැහැදී සිටිති..

අපේ ගුවන් ගමන් ජාලය ඩුබායි සිට ජාකාර්තා සහ මධුරායි සිට මෙඩාන් දක්වා විහිදී ඇති නිසා මහාද්වීපවල ඉතා ඈත කොන් පවා ලෝකය සමීපයට රැගෙන ඒමට මෙන්ම සාමාන්ය ජනයාට දැරිය හැකි ගාස්තුවකට ගුවන් සංචාර ලබාදීමට අප සහාය වන්නෙමු. ශ්රී ලංකන් ගුවන් සේවය සමග අපට ඇති සම්බන්ධතාවය හේතුවෙන් එක් ගුවන් ප්රවේශපත්රයකින් පුළුල් පරාශයක විහිදුණු අන්තර්මහාද්වීපික ගමනාන්ත වෙත පියාසර කිරීමේ හැකියාව ඔබට හිමිවෙයි.

වසරකට ගුවන් මගීන් 400,000 කට වැඩියෙන් රැගෙන යන අපේ ගුවන් සේවයේ විශිෂ්ඨ පියාසර අත්දැකීම හේතුවෙන් බංගලිදේශයේ මොනිටර් එවොර්ඩ්ස් හි වසරේ හොඳම ගුවන් සේවය ඇතුළු විවිධ සම්මාන රාශියකින් පිදුම් ලබා ඇත.
Like us on Facebook Sign up for our email alerts