වෙන් කරන්නේ කෙසේද
ඔබගේ සංචාරය සැලසුම් කිරීමේදී වඩාත් පහසුම කාර්යය වන්නේ මිහින් ලංකා සමගින් ගුවන් ටිකට් පතක් වෙන් කිරීමයි. ඒ සඳහා ඔබට ගැළපෙන ක්‍රම රාශියක්ම අප හදුන්වාදී තිබේ. හොඳ සේවයක් ලබාදී ඔබ සතුටු කිරීම අපගේ අරමුණයි.
පහත දැක්වෙන ක්‍රියා මාර්ග අනුගමනය කර ඔබට, ඔබගේ පවුලේ සාමාජිකයින්ට හෝ මිත්‍රයින්ට ගුවන් ටිකට් පත් වෙන් කළ හැකිය
අන්තර්ජාලය හරහා
ඔබගේආලින්දයේ සිටම ඉතා පහසුවෙන් අන්තර්ජාලය හරහා ටිකට් වෙන් කරගන්න. වෙන් කරගැනීම ස්ථිර වූ විගසම ඔබෙගේ ඊ-මේල් ගිණුමට ඊ-ටිකට් පත ලැබේවි.
ඇමතුම් මධ්‍යස්ථානය
කොළඹ පිහිටි මිහින් ලංකා ඇමතුම් මධ්‍යස්ථානය වෙත අමතන්න (ශ්‍රී ලංකාව ඇතුළත) 011 2 00 22 55
(ශ්‍රී ලංකාවෙන් පිට) අමතන්න +94 112 00 22 55
අලෙවි කාර්යාලය
ටිකට් කවුන්ටරයෙන් ටිකට් පත ලබා ගැනීම සඳහා ඕනෑම මිහින් ලංකා අලෙවි කාර්යාලයක් වෙත යන්න
සංචාරක නියෝජිතයින්
මිහින් ලංකා වෙතින් ඉදිරිපත් කරන සංචාරක නියෝජිතයින් හරහා ඔබේ ටිකට්පත ලබා ගන්න.